Thursday, December 23, 2010

Membership Development


රෝටරි සාමාජිකයින් දැනුවත් කිරීමේ සිංහල මාධ්‍ය වැඩමුළුව
2010-12-10 කුරුණෑගලදී


රෝටරිය ගමට ගෙනයමු

සාමාජිකත්වය වර්ධනය කරගැනීම
මහාචාර්ය ගාමිනී ද අල්විස්
කොලොන්නාව රෝටරි සමාජය


මෙහිදී සාමාජිකත්වය යන්න අදහස් කරන්නේ සාමාජික සංඛාව පමණක් නොවේය. සාමාජිකත්වය යනු ක්‍රියාකාරී, ලැදි, රෝටරි ප්‍රතිපත්ති ගරුකරන සාමාජිකයින් සංඛාවක් පවත්වාගෙනයාමේ ක්‍රයාවලියකි

ශ්‍රී ලංකාවේ පමණක් නොව සෑම රොටරි දිස්ත්‍රික්කයක්ම මුහුණපා සිටින වර්ථමාන අර්බුදය
අලුත් සාමාජිකයන් බැඳීම සිදුවන්නේ ඉතා සෙමින්ය. සිටින සිමාජිකයින් අස්වෙනවා සිටින අයකත් වැඩි උනන්දුවක් නෑ
අපේ සැලකිල්ල යෙමුවිය යුත්තේ ඇයි මෙහෙම වෙන්නේ යන කරුනටයි. මෙයට සාමාජිකත්වයට දොස් නැගීමෙන් තේරුමක් නැත. අප මෙයට හේතු විය හැකි කරැණු ගැන අවංකවත් විවෘතවත් සොයා බැලිය යුතු වෙනවා

 ශ්‍රි ලංකාෙවි පමනක් නොව සෑම රොටරි දිසුත්‍රික්කයක්ම මුහුණ පා සිටින වර්ථමාන අර්බුදය
• අලූතෙන් සාමාජිකයින් බැඳිෙමි සිදුවන්නේ ඉතා සෙමින්ය.
• සිටින සාමාජිකයින් අස්වෙනවා
• සිටින අයත් වැඩි උනන්දුවක් නැහැ
අපේ සැලකිල්ල යොමු විය යුත්තේ ඇයි මෙහෙම වෙන්නේ යන කරුනටයි. මිට සාමාජිකත්වයට දොස් නැගිමෙන් තේරුමක් නැත. අප මිට හේතු විය හැකි කරුණු ගැන අවංකවත් විවෘතවත් සොයා බැලිය යුතුය.


මිට හේතු විය හැකි කරුණු
• දැරිමට සිදුවන වියදම
• ගත කිරිමට සිදුවන කාලය
• දැනට කරනු ලබන හා කර ඇති ව්‍යාපෘති වල ඵලදායිතාවය
• රොටරි සමාජයේ සමාජික ක්‍රියාකාරිත්වයේ ස්වභාවය
• රොටරි සමාජයේ වැඩ කටයුතු කෙරෙන ආකාරය
• වෙනත් සමාජ වලින් සාමාජිකත්වය ගැනිමට සාමාජිකයින්ට කෙරෙන ඉල්ලිමි
• රොටරි ව්‍යාපාරය තුල විවිධ කටයුතු වලදි නවකයින්ට නැතහොත් වැඩි දෙනෙකුට අවස්ථාවක් ලැෙබි ද යන කරුන
• සමස්ථ රොටරි ව්‍යාපාරය ගැන ඇති පැහැදිමෙි ස්වභාවය
මෙම කරුණු ගැන සාමාජිකයින් සහ ජනතාව අතර ඇති ආකල්පය ධනාත්මක නමි මෙවැනි අර්බුදයක් ඇති වන්නේ නැති බව අප තේරුමි ගත යුතුයි. මින් පෙන්නුමි කරන්නේ දැනට වැඩි දෙනෙක් තුල ඇත්තේ සෘනාත්මක ආකල්පයක් බවයි.


රොටරි සමාජයන් වශයෙන් අප කල යුත්තේ කුමක්ද
පලමුව අඅප අපගේ ස්ථාවරය පිලිබඳව සලකා බැලිය යුතුයි
• මෙය අභියෝගයකි
• අභියෝගය ජය ගැනිමට අපට ඔිනැකමක් තිෙබිද
• අවශ්‍ය හැකියාවන් තිෙබිද
• අපට ඊට මුහුණදිමට හොඳ ක්‍රමෙවිදයන් තිෙබිද
අපගේ අභිප්‍රාය විය යුත්තේ :
- සාමාජිකත්වය ලබා ගැනිමට ඇති ඉඩකඩ පුලූල් කිරිම
- නව සාමාජිකයින් බඳවාගැනිම
- සිටින සාමාජිකයින් රඳවාගැනිම
- වරින් වර සාමාජිකයින් සමිබන්ධව ඇති ක්‍රියා මාර්ග අලූත්කිරිම ෙවි.
ෙමි සමිබන්ධව අප විසින් ගත යුතු ප්‍රෙවිශය කුමක්ද
• මෙි දක්වා ගෙන ඇති පියවරයන්ගේ කිසියමි අඩුපාඩුවක් ඇති බව පෙනේ. අප ඒබ ව පිලිගත යුතුව ඇත.
ඒ නිසා නව ප්‍රවෙිශයක් අවශයයි
දැනට රොටරි ව්‍යාපාරය තුල ඇති ප්‍රෙවිශය කුමක්ද
- රොටරි ව්‍යාපාරය සමිමත කරගත් ක්‍රමයක් නිතිරිති රටාවක් ඇත. ඊට ජනතාව අනුගත විය යුතුය යන්නයි
- මෙහි කිසියමි වරදක් ඇතැයි සිතේ


නව ප්‍රවේශය
• අපි පලමුව ජනතාවට ගැලපිය යුතුෙවි
• දෙවනුව ඔවුන්ව ක්‍රමයෙන් රොටරියට අනුව හැඩගැස්විමක් කල යුතුෙවි
මෙම නව ප්‍රෙවිශයේ දි තේරුමි ගත යුතුදේ
• අපි පරිසරය පුද්ගලයින් තේරුමි ගත යුතුයි. රෙටි සංස්කෘතිය තේරුමි ගත යුතුයි.
• වැඩිපුර තම මවි බසින් (සිංහලෙන්) කථා කරයි
• ප්‍රධාන වශයෙන් කෘෂි කාර්මික කටයුතු (ගොවිතැන, ධිවර කර්මාන්තය ආදි) පදනමි කරගත් ගැමි ආර්ථිකයකි. ආදායම ස්ථාවර නැත. ආර්ථීක ප්‍රශ්නවලින් පෙලේ
• පුද්ගලයින් තම ජිවනෝපායට ප්‍රමුඛතාවයක් ලබා දේ
• නාගරික සිරිත් වරිත් හැසිරිම ඉහල සමාජය සමග ගැවසිමට නොහැකියාවන් ඇත.
• ආගමට සමාජ සේවයට කැමතිය. ලැදිය.
• තම ප්‍රදේශය දියුණු කරනවාට වඩා කැමතිය.
• ගෙවල්වල සාමාජිකයින්ට රොටරි ගැන දැණුමක් නැත. එම නිසා රොටරි සමාජ ක්‍රියාදාමයට සමිබන්ධවිෙමිදි ප්‍රශ්න රාශියකට මැදිෙවි.
මෙය යථාර්තය යැයි මට සිතේ


අපගේ ප්‍රතිපත්තිය විය යුත්තේ කුමක්ද
• සිටින සාමාජිකයින්ගේ අඩුපාඩු ගැටලූ හඳුනා ගනිමු
• ජනතාව අතර, සාමාජිකයින්ගේ සහ ඔවුන්ගේ පවුලේ අයගේ දැණුම වැඩි කරමු
• සාමාජිකයින් අතර සුහදත්වය වැඩිකරමු
• ඔවුනට වැඩි අවස්ථාවක් ලබා දෙමු
• ඔවුනගේ හැකියාවන් වර්ධනය කරමු
• රොටරි සමාජය බරක් නොකරමු
• රොටරි සමාජය ප්‍රිය තැනක් කරමු


කල යුතු කාර්්‍යයන්
1. සාමාජිකත්වය ව්‍යාප්තකිරිම සඳහා (රොටරි ව්‍යාපාරය ජනතාව තුල ජනප්‍රිය කිරිම)
• වැඩි දෙනෙකුට සහභාගිවිමට දොරටු විවෘතකරන්න
• ප්‍රජාව තුල රොටරිය පිලිබඳ අවබෝධය වැඩිකරන්න
• සාමාජික වර්ගිකරනයට අනුව දැනට නැති සාමාජිකයින්ට අවධානය යොමුකරන්න
• රැස්විමි හා වැඩසටහන් පවත්වන දිනය ෙවිලාව ස්ථානය නම්‍යශිලි කරන්න
• ප්‍රදේශයට අවශ්‍ය ව්‍යාපෘති කිරිම
• රොටරිය පිලිබඳව ප්‍රසිද්ධියක් ලබාදිම
• විවිධ පාර්ශවයනට රොටරි වැඩ කටයුතු නිරික‍ෂනයට අවකාශ ලබාදිම, ආරාධනා කිරිම
• සාමාජිකත්වය ලබාගැනිමෙන් ඇතිවිය හැකි ප්‍රයෝජන පිලිබඳව දැණුවත් කිරිම


2. නව සාමාජිකයින් බඳවාගැනිම සඳහා: (සංඛ්‍යාවට වඩා ගුණාත්මකභාවය පිලිබඳව අවධානය යෙුමු කරන්න)
• සාමාජික සංඛ්‍යාව පිලිබඳව ඉලක්කයක් ඇති කරගන්න
• සෑම සාමජාිකයෙකුටම ඉලක්කයක් දෙන්න
• රොටරි සමාජයේ වැඩකටයුතුවලට සහභාගිවිමට අවස්ථාවක් ලබා දෙමු
• සාමාජිකත්වය සඳහා ආරාධනා කරමු. බල නොකරමු
• හොඳින් පිලිගනිමු
• දැණුවත් කරමු
• හුරුකරමු


3. සිටින සාමාජිතකත්වය රඳවාගැනිම: ( දැණුම හා හැකියාවන් වැඩි කරන්න. හැකි තරමි ඔවුනට සිය හැකියාවන් හැ දැණුම පෙන්නවිමට අවස්ථාවක් දෙන්න)
• ඔවුනගේ මවි භාෂාවෙන් වැඩ කරමු
• සාමාජික ගාස්තු බරක් නොවන ආකාරයට ගෙවිමට සරල ක්‍රම සකසන්න
• මවි භාෂාවෙන් (සිංහලෙන්) රොටරිය පිලිබඳව ලිපිලේඛන සපයන්න
• මසකට වරක් හෝ රොටරිය පිලිබඳ දැණුම ලබා දෙන්න
• රොටරිය පිලිබඳව දැණුව පරික‍ෂාකරන්න. රොටරිය පිලිබඳව කථා පවත්වන්න නව සාමාජිකයින්ට ඉඩ දෙන්න
• විනෝද වැඩ සටහන්, ක්‍රිඩා වැඩ සටහන් පවත්වන්න
• සාමාජිකයින්ගේ දුක හා සතුට ඛෙදාගන්න
• පවුලේ අයට සහාය විය හැකි ඔවුනට ප්‍රයෝජනවත් වැඩසටහන් කරන්න
• සාමාජිකයින්ට ඔවුනගේ හැකියාවන් පෙන්විමට අවස්ථාවක් දෙන්න. කිහිප දෙනෙකුට පමනක් එම අවස්ථා සිමා නො කරන්න.
• ඔවුනට සහභාගිවිය හැකි ෙවිලාවට ආකාරයට වැඩ සටහන් සකස් කරන්න
• අන් රොටරි සමාජිකයින් සමග ගැවසිමට අවස්ථාවන් ලබා දිම
• ඔවුනගේ මිතුරන් සාමාජිකයින් කරවා ගැනිමට උනන්දුකිරිම
• සාමාජිකයින්ගේ දායකත්වය අගැයිම


3. සාමාජිකත්ව සමිබන්ධයෙන් ඇති ක්‍රියාමාර්ග අලුත් කරන්න (අඩු පාඩු සොයන්න. නිවැරදි කරන්න. වෙනස් කරන්න)
• සෑම සමාජයක්ම දැනට පවතින සංවිධානය කටයුතු වරින් වර අගැයිමකට ලක්කල යුතුෙවි
• තව දියුණු කල හැකිදැයි සිතන්න
• වෙනසකත් ඇති කරන්න
• ඔබගේ ප්‍රජාෙවි ඇති ව්‍යාපාරිත හා වෘත්තික කටයුතු ලැයිස්තුගත කරමින් වර්ගිකරන සමික‍ෂනයක් කරන්න
• ඔබ සියලූම වර්ගයේ සාමාජික වර්ග ප්‍රයෝජනයට ගෙන තිෙබිදැයි සලකා බලන්න
• නව වැඩසටහන් හා ක්‍රියාකාරකමි දිරිගන්වන්න
• ප්‍රජාවට වැදගත් දායකත්වයක් ලබා දෙන සේවා ව්‍යාපෘතින්ට අවධානය යොමු කරන්න
• ප්‍රාද්ශික මාධ්‍යයන් සමග සමිප සබඳතා පවත්වා ගැනිම
• ඔබගේ සමාජයේ වැදගත්ම වත්කම සාමාජිකත්වය බව නිතර වටහා දෙන්න
• දැනට පවතින පදනම ඉතාම දුර්වල නමි සමිපුර්ණයෙන් අලූත් විධියකට සිතා අවශ්‍ය නව වෙනස්කමි ඇති කරන්න. නැතහොත් ඔබ සමාජයේ පැවැත්ම ප්‍රශ්නයක් විය හැක.
සාමාජිකත්ව අභියෝගය අපට ජය ගත හැක. නව පරපුරෙන් නව නායකත්වයක් ගැන සිහිනයක් තබා නොගත හොත් රොටරි ව්‍යාපාරයේම පැවැත්ම ප්‍රශ්නයක් විය හැක.
එම නිසා රොටරිය ගමට ගෙනයා යුතුය. ඒ සඳහා නව දැක්මක් ක්‍රියාමාර්ගයක් රොටරි සමාජයන් තුල මෙන්ම රොටරි දිස්ත්‍රික්කය තුල ද ඇති විය යුතුය.
අප සැලකිල්ලට ගතයුතු තවත් වැදගත් අංශයක් ඇත. සාමාජිකත්ව වර්ධනයට එය ඉතා ම වැදගත්ය. එනමි:
- රොටරැක්
- ඉන්ටරැක් යන අංශ දෙකයි.
රොටරි සාමාජිකත්වය මෙන්ම රොටරැක් ඉන්ටරැක් වර්ධනය පිලිබඳව මීට වඩා වැඩි අවධානයක් රොටරි සමාජයන් අවධානය යොමු කල යුතුයි.
රොටරි පිලිවෙත් හඳුනන ඊට වඩාත්ම ලෙහෙසියෙන් අනුගත විය හැක්කේ නව රොටරි සාමාජිකයින්ට වඩා රොටරරැක් ඉනේරරැක් සාමාජිකයින්ටයි.
එය නව සාමාජිකත්වය වැඩි කර ගැනෙමි උපාය මාර්ගයක් ලෙස සැලකිය යුතුයයි මට සිතේ.

No comments: